Wednesday, April 24, 2024

General line - 0115112241

අයි සී සී දූෂණ මර්ධන ඒකකය ක්‍රිකට් ආයතනයට කඩා පනී - ප්‍රධානියෙකු ප්‍රශ්න කිරීමට රැගෙන යයි

කසුන් කැලුම්




අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා (Head of Provincial Coaches) ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් අද (08) ප්‍රශ්න කර තිබෙනවා. ඒ තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්. 

ඔහු ක්‍රිකට් ආයතනයේ සිටි අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් 3 දෙනෙකු පැමිණ ඔහු ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා. අන්තර් ජාතික ක්‍රරිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුද ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.

මීට පෙර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාගෙන්ද තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.