Friday, April 19, 2024

General line - 0115112241

තරග පාවාදීම් සිද්ධියකට කරුණු දැක්වීමට ICCය ක්‍රීඩකයින් 03කට දින 14ක් දෙයි

කසුන් කැළුම්




තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං ක්‍රිකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් තිදෙනෙකුට එරෙහිව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර තිබෙනවා.

මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඞ්, නජීම් අහමඞ් සහ හසීබ් අම්ජාඞ්. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සංඛ්‍යාව 19 ක්.

මේ වනවිට එම කී‍්‍රඩකයින් තිදෙනාට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් තරග තහනමක් ද පනවා තිබෙනවා. එම චෝදනාව සම්බන්ධයෙක් කරුණු දැක්වීම සඳහා එම කී‍්‍රඩකයින්ට ඊයේ (08) සිට දින 14 ක කාලයක් ලබාදී ඇති බවයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ.

මේ අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ ජංගම දුරකතන අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පරීක්‍ෂා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ එවැන්නක් සිදුවී නොමැති බවත් රංගිරි දඹුළු කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ විවේකාගාරයේදී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශී‍්‍ර ලංකා සහ එංගලන්ත කී‍්‍රඩකයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණක් පැවැත්වූ බවයි.

මේ අතර අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පළාත් කි‍්‍රකට් පුහුණුකරුවන්ගේ ප‍්‍රධානියාගෙන්ද ඊයේ ප‍්‍රශ්න කළා. ඒ, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.