Tuesday, April 23, 2024

General line - 0115112241

අවසන් 11 ගැන තාම තීරණයක් නැහැ- දිනේෂ් චන්දිමාල්

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දී පන්දු රැකීමේ අංශයට වැඩි අවධානයක් යොමු කර ඊට ප‍්‍රමුඛතාව ලබාදෙන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඒ, දඹුල්ලේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

අපිට අවශ්‍ය හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අපි දන්නවා. නමුත් පවතින කාලගුණ තත්ත්වය සමග හෙට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම ගැන අවසන් තීරණයක් අරන් නැහැ. හෙට තරගයේ අපේ වැඩි අවධානය යොමු වෙලා තියෙන්නේ පන්දු රැකිමේ අංශය ගැන. ක්‍රීඩකයින් තනි තනිවත් ඒ වගේම කණ්ඩායමක් වශයෙන් පසුගිය දින කිහිපයේදී කැපවීමෙන් පුහුණුවීම් වල යෙදුනා. 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත පිල පළමු වටයෙන්ම ඉවත් වුනා. නමුත් ඔවුන් අඩුපාඩු හදාගෙන ආපහු දක්ෂ විදිහට ඉදිරියට ආවා. අපි ඉන්නෙත් දැන් ඒ වගේ තැනක. මේක අපේ හැරවුම් ලක්ෂ්‍ය වේවි යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සදහන් කර සිටියා.

තරග 05කින් සමන්විත ශ‍්‍රී ලංකා - එංගලන්ත එක්දින ක‍්‍රිකට් තරගාවලිය හෙට (10) ආරම්භ වනවා.