Thursday, April 25, 2024

General line - 0115112241

ලොව පළමු වරට සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ඇමැතිධුරයක්

දිනුක් හේවාවිතාරණ




දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍යධුරයක් ඇති කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගත් බව එරට අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ සියලුම පාසල් ආවරණය වන පරිදි අධ්‍යාපනය හදාරනු ලබන සිසු සිසුවියන්ගේ මානසික සෞඛ්‍ය පරික්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අගමැතිවරිය සදහන් කරන්නේ.

පාසැල් සදහා මානසික උපදේශක තනතුරු සදහා 8000ක ගෙන් සමන්විත පිරිසක් පුහුණු කිරීමේ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් 2019 වර්ෂය වන විට එම උපදේශකයින් පාසල් පද්ධතියට ඇතුලත් කරන බව අගමැතිවරිය සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

අවුරුදු 14 වන සම්පුර්ණ කරන බොහෝ දරු දැරියන් කුමන හෝ සිදුවීමක් හේතුවෙන් මානසිකව පිඩා විදින බවත් ඔවුන් ගෙන් තුනෙන් එකකට පමණක් නිසි මානසික උපදේශනයක් ලැබුනත් ඉතිරි දරු දැරියන් ඉන් පිඩාවට ලක්ව අවසානයේ සියදිවි නසා ගැනීම තම එකම විසදුම යැයි සිතන තැනට පත්ව සිටින බවයි ඇය ප්‍රකාශ කර සිටින්නේ.

මෙම තත්ත්වයෙන් තම රටේ අනාගත දරු පරම්පරාව මෙන්ම පුරවැසියන් ගලවා ගැනීමේ අභිප්‍රායෙන් මෙම වැඩපිලිවල ක්‍රියාත්මක කරන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරිය ප්‍රකාශ කර සිටිනවා.

මෙම වැඩසටහන සදහා බ්‍රිතාන්‍ය පවුම් බිලියන 1.9ක් වියදම් කිරීමට ඇස්තමෙන්තු කර ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.