Friday, March 29, 2024

General line - 0115112241

ඉන්ධන මිළ අද රෑ සිට අඩු වෙයිද? වැඩි වෙයිද? මුදල් ඇමති දුන් පිළිතුර

ඩිල්ෂාන් මඩවල




ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට නැවත සංශෝධනය කිරීමට නියමිතයි. මෑතකදී හඳුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව මෙම සංශෝධනය සිදු කෙරෙනු ඇති.

එහිදී ඉන්ධන මිල වැඩිවේද නැතහොත් අඩුවේදැයි මාධ්‍යවේදීන් ඊයේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් විමසා සිටියා. අමාත්‍යවරයා පැවසුවේ පවතින තත්වයන් ඉන්ධන මිල සූත‍්‍රයට ගළපා අදාළ නිලධාරීන් විසින් නව මිල ගණන් ප‍්‍රකාශයට පත් කරන තෙක් ඒ පිළිබඳ කිසිවක් කිව නොහැකි බවයි.

ලෝක වෙළඳපොලේ මිල සහ විනිමය අනුපාතය වැනි කරුණු මේ සඳහා සලකා බැලෙනවා. මෙම මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල අවසන් වරට සංශෝධනය කෙරුණේ ඉකුත් මස 10 වනදායි. පෙට‍්‍රල් සහ ඞීසල් යන ඉන්ධන වර්ග දෙකේම මිල එහිදී වැඩි කෙරුණා.