Saturday, April 20, 2024

General line - 0115112241

විදෙස් සංචිත නිදහස් කිරීමෙන් පසුත් රුපියල වැටෙන්නේ ඇයි? නි. ඇමති පිළිතුරු දෙයි

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දින කිහිපයක් ස්ථාවරව පැවති රුපියල යළි කඩා වැටෙමින් තිබෙනවා. ඊයේ (09) ගනුදෙනු නිමා වනවිට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සඳහන් වුයේ රුපි්යල් 172.34ක් ලෙසයි. 

රුපියල දිගින් දිගටම කඩා වැටෙමින් තිබියදී ශ‍්‍රී ලංකා මහ බැංකුව එහි අගය ස්ථාවර කිරීම සඳහා ඉකුත්දා විදේශ සංචිත ද මුදා හැරියා. එසේ තිබියදීත් රුපියල මෙලෙස යළි කඩා වැටෙන්නේ මන්දැයි නෙත් නිවුස් විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ විදේශ සංචිත මුදා හැරීමෙන් පමණක් රුපියලේ අගය ස්ථාවර කළ නොහැකි බවයි. විදේශ සංචිත මුදා හැරීම යනු රුපියලේ අගය ස්ථාවර කිරීමට ගත හැකි තාවකාලික එක් පියවරක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නා. 

ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉකුත්දා කළ සංචිත මුදා හැරීමෙන් පසු බි‍්‍රතාන්‍ය පවුම, යුරෝ,  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් සහ ජපන් යෙන් යන මුදල් ඒකකවල ද විකුණුම් මිල ස්ථාවර හෝ අඩු වීමක් සිදු වුණා. එහෙත් දැන් දින කිහිපයක සිට එම මුදල් ඒකකවල විකුණුම් මිලද යළි වැඩි වෙමින් තිබෙනවා.