Friday, April 19, 2024

General line - 0115112241

ඇතැම් පාසල් තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි



ඇතැම් පාසල් තුළ මේ වනවිට සංවිධානාත්මක අපරාධ කල්ලි බිහිවී ඇතැයි සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් පවසනවා. දරුවන් අපරාධකරුවන් කළ හැකි වටපිටාවක් විශ්ව විද්‍යාල තුළද බිහි වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඊයේ (09) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේ දී මෙම අදහස් පළ කෙරුණා. 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ආරියන්නද දොඹගහවත්ත ද මෙම සංවාදයට එක්වුණා. ඔහු පැවසුවේ අපරාධ මෙතරම් ඔඩුදිවීමට අපරාධකරුවන් සඳහා දේශපාලනඥයන්ගේ සහය ලැබීම ද හේතුවක් වී ඇති බවයි. 

අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.