Thursday, March 28, 2024

General line - 0115112241

වැස්ස නිසා එළවළු මිල ගිණි ගණන් වෙන ලකුණු

පසන් වික්‍රමතිලක




ඇද හැලෙන මහ වැස්සේ බලපෑම එළවළු වෙළඳපොලට ද දැනෙමින් තිබෙනවා. තත්වයෙන් බාල එළවළු ද මේ නිසා වෙළඳපොලට ලැබෙමින් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප‍්‍රියදර්ශන පැවසුවා.

තවත් දින කිහිපයකින් පසු එළවළු මිල කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

තවත් දින කිහිපයකින් පසු එළවළු මිල මෙලෙස වැඩි වීමේ නැඹුරුවක් පැවතියද නිසි මිලක් නොලැබීම නිසා ඉකුත්දා ප‍්‍රදේශ කිහිපයකදීම එළවළු තොග විශාල ප‍්‍රමාණයක් විනාශ කෙරුණා. එක් කලෙකදී තොග විනාශ කරද්දි තවත් කලෙකදී පාරිභෝගිකයින් පීඩාවට පත්වන පරිදි එළවළු මිල වැඩි වන්නේ වගාව සහ අස්වනු කළමනාකරණය ස`දහා විධිමත් වැඩපිළිවෙලක් නොමැති වීමෙන් බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.