Saturday, April 20, 2024

General line - 0115112241

"ඇයි මාව මේ විහිදට ගෙනියන්නේ..හෙන ගහනවා" දඹුල්ලේදී ක්‍රීඩා ලෝලීන් පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් (VIDEO)

කාංචන කුමාර ආරියදාස




දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු බව කියන තරුණයින් ඇතුළු පිරිසක් සැකපිට ඊයේ (10) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර  පැවැති පළමු එක්දින දිවා රාත්‍රි තරඟය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නොමැති නිසා පැමිණ සිටි ප්‍රේක්ෂකයින් තැන තැන ඇවිද යමින් විනෝද වන අයුරු දැක ගැනීමට හැකි වුණා.

කෙසේ වෙතත් වැසි සහිත තත්ත්වය නිසා තරග නැවැත්වීමත් සමග බොහෝ පිරිස් ක්‍රීඩාංගණය ඇතුළත තැන තැන මත්පැන් පානය කරන්නටද කටයුතු කර තිබූ බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ අතර රාත්‍රී කාලය වනවිට ඉන් කිහිප දෙනෙකු නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බව පොලිසිය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙලෙස පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අද (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(වීඩියෝව පහතින් දැක්වෙයි)