Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයට සැක නම් එජාපය අවස්ථාව ඉල්ලයි



ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි නම් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සැක සංකා පවතින්නේ නම් තනි ආණ්ඩුවක් පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂයට අවස්ථාව ලබාදිය යුතු බවද අමාත්‍ය නවීන් දිසානායක මෙහිදී කියා සිටියා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.