Thursday, April 25, 2024

General line - 0115112241

පර්පචුවල් ලොක්කන්ගේ බලාපොරොත්තු සුන් වෙයි




තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සහ එහි විධායක නිලධාරියා වු කසුන් පලිසේන ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවත දැමුවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.