Friday, March 29, 2024

General line - 0115112241

පැලවත්තේ ගින්න නිවන්න ගුවනිනුත් ජලය මුදා හරී (VIDEO) (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ/චම්ලි ඒකනායක/චන්දිම කරුණාරත්න




බත්තරමුල්ල පැලවත්ත මංසන්ධිය ආසන්නයේ රෙදිපිළි අලෙවිසැලක හටගත් ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහයද ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ගුවනේ සිට ගින්න මැඩපැවැත්වීම සඳහා ජලය මුදා හැර ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ ගිනි නිවීම් ඒකකය පැවසුවේ ගිනි නිවන රථ 07ක් සහ නිලධාරීන් 25 දෙනෙකු ද වෙළඳ සැළ ආසන්නේ සිට ගින්න මැඩපවත්වමින් සිටින බවයි.

තවද ගින්න මැඩපැවැත්වීමට යුද හමුදාවේ සහය ද ලබාගෙන තිබෙනවා.  

------------------------------

විශාල අනතුරක් වෙන්න ගිය පැලවත්තේ ගින්න පාලනය කෙරේ (VIDEO) (UPDATE)

(11-10-2018 12:22)

 

බත්තරමුල්ල පැලවත්තේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක අද (11) පෙරවරුවේ හට ගත් ගින්න මේ වන විටත් නිවා දැමීමේ කටයුතුවල ගිනි නිවීම් අංශ නිරත වෙමින් සිටින බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා.

ගින්න හට ගත් අවස්ථාවේ වෙළඳ සැළ විවෘතව පැවැති බැවින් පාරිභෝගිකයින් ඇතුළු සේවකයින් රැසක් ගොඩනැගිල්ලේ රැඳී සිට තිබෙනවා.

කෙසේවෙතත් ගින්න හට ගැනීමත් සමග සියලු දෙනා ඉන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යොමු වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

ගින්න හේතුවෙන් කොට්ටාව - බොරැල්ල ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ද ඇණහිට ඇති බවයි වාර්තා වුණේ. 

----------------------------------------

පැලවත්තේ දැවැන්ත ගින්නක් (PHOTOS)(VIDEO)

(11-10-2018 11:25)

 

බත්තරමුල්ල පැලවත්තේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක මේ වන විට හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ අංශ කටයුතු කරමින් ඇති බවයි.

එම ස්ථානයේ රැඳී සිටින පිරිස් සඳහන් කරන්නේ ගින්නත් සමග යම් යම් පිපිරීම් ද සිදුවන බවයි.

මේ හේතුවෙන් අදාළ මාර්ගය හරහා ගමනා ගමන කටයුතුද නතර කර තිබෙනවා.

 (වීඩියෝව පහතින් දැක්වෙයි)