Saturday, April 20, 2024

General line - 0115112241

පිදුරංගල රැල්ල දැන් දෙවනගල ලු

හේමන්ත කහවලගේ




සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ කෙරෙන අශෝභන ඡායාරූප ලබා ගැනීමට ඇතැමුන් ඓතිහාසික දෙවනගල පුදබිමද යෝදා ගැනීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බව එහි භාරකාර, පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤාසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ ප‍්‍රකාශ කළේ දෙවනගල පූජා භූමිය එවැනි කටයුතු සඳහා යෝදා නොගන්නැයි සියලූදෙනාගෙන් කරුණිකව ඉල්ලා සිටින බවයි. 

මේ අතර පිදුරංගලදී අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධිය ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට ලක් වුණා. ඒ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් තරුණයින් තිදෙනා ඊයේ මුදා හැරුණේ අධිකරණයේ දී දැඩි අවවාද කිරීමෙන් අනතුරුවයි.