Friday, April 19, 2024

General line - 0115112241

පානදුර වෙරළ තීරයේ ලැගුම්හල් සහ හෝටල් පරීක්ෂා කිරීමේ තීරණයක්

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




පානදුර වෙරළ තීරයේ ඇති ලැගුම්හල් සහ හෝටල් පරීක්ෂාවකට ලක් කරන බව පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක පවසනවා.

එම වෙරළ තීරයේ සිදු වන සමාජ විරෝධි ක‍්‍රියා සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි පිළිබඳ නෙත් නිවුස් කළ විමසීකදී සභාපතිවරයා මේ බව කියා සිටියේ. 

පානදුර වෙරළ තීරයේ බලපත‍්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා තැබෑරුමක් සම්බන්ධයෙන් නෙත් නිවුස් මීට පෙර තොරතුරු වාර්තා කළා. ඒ සමගම මෙම ගැටළුව විසදීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.