Friday, March 29, 2024

General line - 0115112241

"විශේෂඥ වෛද්‍ය වෛද්‍ය" ගැටුමක් - කරාපිටිය රෝහලේ රෝගීන් අමාරුවේ

ලලිත් චාමින්ද




වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඒකක පහක සේවය කරණ වෛද්‍යවරු  හෙට (12) උදැසන 8.00 සිට සිය සේවා කටයුතු වලින්  ඉවත්ව  රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය වෙත වාර්තා කිරිමට තින්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය  නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම්  වෛද්‍ය මංජුල සොයිසා පවසනවා.

කරාපිටිය රෝහලේ  රථගාලේ  තමන්ගේ පුද්ගලික වාහන නතරකොට  සේවයට වාර්තා කරන වෛද්‍යවරු පමණක් හෙට දින සේවා කටයුතු වලින් ඉවත් විමට තින්දු කොට ඇති බවද වෛද්‍ය මංජුල සොයිසා පැවසිය.

අක්ෂිල උගුර කණ නාසය, විකලාංග ශල්‍ය සහ ළමා  රෝග යන ඒකකවල  සේවය කරන වෛද්‍යවරුන්ට ආරක්ෂාව තහවුරු කරන තෙක් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය වෙත වාර්තා කරන ලෙස දැනුම් දුන් බවද  වෛද්‍ය මංජුල සොයිසා පැවසිය.

වාහනවල හා වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව පතා  රථ ගාලේ වාහන නතර නොකරන ලෙස වෛද්‍යවරුන්ට දැනුම්දුන් බව පවසන  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කාරාපිටිය ශාඛාවේ  සම ලේකම්වරයා රෝගින් ගැන සිතා  රෝහලේ සියලු වෛද්‍යවරු මේ සදහා සම්බන්ද කර නොගන්නා බවද කළා.

රෝහලේ රථ ගාලේ වාහන නැවැත්විම සම්බන්දව  රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හා  සාමාන්‍ය වෛද්‍යවරුන් අතර ඇතිවි තිබෙන ගැටළුවට කඩිනමින් විසදුමක් රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලබා දිය යුතුව ඇති බවද  වෛද්‍ය මංජුල සොයිසා පවසනවා.

 මේ අතර කරාපිටිය ශීක්ෂණ රෝහලේ රථ ගාලේ නවතා තිබු විශේෂඥ වෛද්‍යවරයකුට අයත් වාහනයක රෝදයක් කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් ඇතැයි කරාපිටිය ශීක්ෂණ රෝහල් පොලිසිය පවසනවා.  මේ අතර රෝහලේ රථගාලේ නවතා ඇති වෙනත් වෛද්‍යවරුන්ගේ වාහන එළියට ගත නොහැකි ලෙස විශේෂඥ වෛද්‍යවරයකු මෙම වාහනය නවතා ඇති බවට වෛදවරුන් විසින් රෝහල් අධ්‍යක්ෂවරයාටද පැමිණිලිකර ඇත.

කෙසේ වෙතත් මෙම විශේෂඥ වෛද්‍යවරයා සහ සෙසු වෛද්‍යවරුන් අතර ගැටුමක් ඇතිවීම වැලැක්විම සදහා   රථගාල අසලට පොලිස් නිලධාරින් කණ්ඩායමක් යොදවා තිබෙනවා.  

සෙසු වාහන ගත නොහැකි ලෙස නවතා ඇති වාහනය අයිති විශේෂඥ වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාට පවසා ඇත්තේ තමාගේ වාහනයේ රෝදයක හුළං බැස ඇති නිසා එය ගලවා ගෙන ගිය බවයි.

මේ පිළිබද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ ලේකම් මංජුල සොයිසා මෙසේ පැවසුවා.

"අප රථගාල අසලට ගිය විට මෙම විශේෂඥ වෛද්‍යවරයා අපේ ඡායාරූප ගත්තා. මේ විශේෂඥ වෛද්‍යවරයා විසින් තමන්ගේ වාහනය මේ අන්දමට අවහිරවන ලෙස නවතා ඇත්තේ හිතාමතාම අපේ වාහන ගන්න බැරි අන්දමටයි. රෝහල් අධ්‍යක්වරයාට සහ 119 දුරකතන අංකය ඔස්සේ අපි පොලිසියටත් මේ පිළිබඳ දැනුම් දුන්නා" යයි කිය.

මේ පිළිබද විමසීමට කරාපිටිය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධකර ගැනිමට උත්සාහ කළද එය අසාර්ථක විය.
 

කරාපිටිය ශීක්ෂණ රෝහලේ රථගාලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ වාහනයක් නවතා තබන ස්ථානයේ වාට්ටු භාර වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වාහන නවතා තැබිම නිසා කෝපයට පත්වු විශේෂඥ වෛද්‍යවරයා විසින් ඔවුන් දෙදෙනාට බැන වැදිමට විරෝධය පල කිරිම සදහා කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සායනවල සහ බාහිර ප්‍රතිකාර අංශවල වෛද්‍යවරුන්ද ඊයේ (10)  සේවා කටයුතුවලින් ඉවත්ව  සිටියා.