Friday, April 19, 2024

General line - 0115112241

තංගල්ලේ 10 දෙනෙකුට මරණ දඬුවම

ගුණරත්න ගමගේ




එකම පවුලේ 06දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ පුද්ගලයින් 10දෙනෙකුට තංගල්ල මහාධිකරණය අද (11) මරණ දඬුවම නියම කළා. මෙම ඝාතනය සිදුව තිබුණේ 1998 වසරේදීයි. ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් මෙම ඝාතන සිදුව තිබෙනවා. පැවැති දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව වසර 20 කට පසු තංගල්ල මහාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා. 

48 හැවිරිදි මවක්, ඇගේ පිරිමි දරුවන් සිව්දෙනා සහ දැරියක් මොවුන් විසින් මෙලෙස ඝාතනය කර තිබුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස ප‍්‍රදේශයේ පදිංචි 23දෙනෙකුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. ඉන් සිව්දෙනෙකු නඩු විභාගය අතරතුර මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අද මරණ දඬුවම නියම වු පුද්ගලයින් 10දෙනා අතර එකම පවුලේ තිදෙනෙකුද වනවා.