Friday, April 19, 2024

General line - 0115112241

පැලවත්තේ ගින්න ගැන පොලිසිය විමර්ශන අරඹයි




බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධිය ආසන්නයේ රෙදිපිළි අලෙවිසැලක හටගත් ගින්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද (11) දහවල් හට ගත් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභාවල ගිනි නිවන රථ 10ක් යොදා ගැනුණා. 

ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර්යානාවක්ද ගින්න පාලනයට යොදවා ගැණුනු බවයි පොලීසිය පැවසුවේ. ගින්න හේතුවෙන් බත්තරමුල්ල - පැලවත්ත සහ කොට්ටාව - බත්තරමුල්ල යන මාර්ගවල ගමනාගමයද සීමා කෙරුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.