Friday, March 29, 2024

General line - 0115112241

නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ




කලූතර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්ක සඳහා නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ කලූතර දිස්ති‍්‍රක්කයේ හොරණ, දොඩන්ගොඩ, වලල්ලාවිට, බුලත්සිිංහල හා මතුගම ඇතුලූ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා මෙම නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ යක්කලමුල්ල, තවලම, ඇල්පිටිය සහ බද්දේගම ඇතුලූ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ දකුණු පළාත, කලූතර සහ රත්නපුර යන දිස්ති‍්‍රක්කවලට ඉදිරි පැය 24 තුළ මිලි මීටර් 75 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.