Saturday, April 20, 2024

General line - 0115112241

"ටිට්ලි" නැගෙනහිර ඉන්දියාව කළඹයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් තිබු "ටිට්ලි සුළි කුණාටුව" නැගෙනහිර ඉන්දියාවට සිදුකළ බරපතල හානි සිදුකර ඇති අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

ටිට්ලි සුළි කුණාටුව ඔරිස්සා සහ ආන්ද්‍රා වෙරළ කළාපයෙන් පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් ඉන්දියාව තුලට ඇතුල්වූ බවයි එරට කාලගුණ විද්‍යා ඒකකය සදහන් කළේ.

ටිට්ලි සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් ආන්ද්‍රා ප්‍රාන්තයට සිදුව ඇති අතර 500,000ක් ජනතාවට විදුලි සැපයුම නොමැති බව ප්‍රාන්ත බලධාරීන් සදහන් කරනවා. විදුලි කණු 6000 කට වැඩි ප්‍රමානයක් මෙම ප්‍රචන්ඩ සුළි සුළගින් විනාශ වී ඇති අතර ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක වාහන ධාවනයට බාධා සිදුව ඇති බව වාර්තා වේ.

සුළි සුළග ආන්ද්‍රා ප්‍රාන්තයට ඇතුල් වීමට පෙර පහත් බිම් වල සිටිය තුන් ලක්ෂයක් පමණ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යැවීමට බලධාරීන් පියවර ගෙන තිබුනා.