Thursday, April 25, 2024

General line - 0115112241

දඹුලු ගිය ඉහළ නිලධාරීන්ගේ ලේකම්වරියන් ඇමති යළි කැඳවයි

කසුන් කැළුම්




රංගිරි දඹුළු කී‍්‍රඩාංගණයේ විශේෂ නැරඹුම්  කුටිවල සේවය සදහා යෙදවූ කි‍්‍රකට් ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ ලේකම්වරියන් කී‍්‍රඩා අමාත්‍යවරයා යළි කොළඹට ගෙන්වා තිබෙනවා. ඒ, මෙම ලේකම්වරියන් සදහා අනවශ්‍ය වියදමක් දරණ බවට මාධ්‍ය මගින් අනාවරණ කිරීමත් සමගයි.

අදාළ ලේකම්වරියන් සදහා නවාතැන් පහසුකම්, ආහාරපාන ඇතුළත්ව දිනකට රුපියල් 5,000 ක දීමනාවක් ගෙවීමට මෙහිදී තීරණය කර තිබුණා. මීට පෙර රංගිරි දඹුළු කී‍්‍රඩාංගණයේ විශේෂ නැරඹුම් කුටිවල සේවා කටයුතු සිදුකළේ පළාත් කි‍්‍රකට් සංගමයයි. කි‍්‍රකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් කී‍්‍රඩා අමාත්‍යවරයා නොමග යවමින් මෙවැනි කටයුතුවල නිරත වන බවයි කි‍්‍රකට් ආරංචි පැවසුවේ.

අධික මුදල් නාස්තිය අවම කර ගැනීම සදහා කි‍්‍රකට් ආයතනයේ සිදුවන මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඉදිරියේදී තීන්දු තීරණ රැසක් ගනු ඇතැයිද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා.

මේ අතර සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය රංගිරි දඹුළු කී‍්‍රඩාංගණයේදී හෙට (13) පැවැත්වෙනවා. දිවා තරගයක් ලෙස පැවැත්වෙන එම තරගය හෙට උදෑසන 10 ට ආරම්භවීමට නියමිතයි.