Monday, February 18, 2019
Hotline - 0770586666

අග විනිසුරු අද විශ්‍රාම යයි - නව අගවිනිසුරු පත්කිරීමට ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

හේමන්ත කහවලගේ

3772Views
×
 
 

 

 

 

නව අගවිනිසුරුවරයෙකු පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ සිය නිර්දේශය කතානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කර තිබෙනවා. මේ වනවිට  අගවිනිසුරු ලෙස කටයුතු කරන පි‍්‍රයසාද් ඩෙප් මහතා අද (12) විශ‍්‍රාම යාමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වන නලින් පෙරේරා නව අගවිනිසුරුවරයා ලෙස පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අගවිනිසුරු ලෙස කටයුතු කරන පි‍්‍රයසාද් ඩෙප් මහතා එම ධුරයට පත්වූයේ ඉකුත් වසරේ මාර්තු මාසයේදීයි. ඒ, ශී‍්‍ර ලංකාවේ 45 වන අගවිනිසුරුවරයා ලෙසයි. 

මේ අතර නව අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වනවා. එහිදී නව අගවිනිසුරුවරයා පත් කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.