Friday, April 19, 2024

General line - 0115112241

නෙත් යු ආර් අ ලීඩර් වැඩසටහන් සාර්ථකව අවසන් කෙරේ (UPDATE)




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 32 වැන්නෙහි දෙදින නේවාසික කඳවුර අද (14) සාර්ථකව අවසන් වනවා. මෙවර වැඩසටහන පැවැත්වෙන්නේ අකුරැස්ස මහා විද්‍යලායේදීයි. මේ, ඊට එක්වූ සිසු සිසුවියන් පිරිසක් යූ ආර් අ ලීඩර් වැඩසටහන පිළිබඳ දැක්වූ අදහස්. 

යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ විභාග රහස් පිළිබඳ දේශනයක් සහ අංකුර නායකයින්ගේ විසිරයාම හෙට (15) සිදු කෙරෙනවා.  

................................................................

අකුරැස්ස මහා විද්‍යලායේදී යූ ආර් අ ලීඩර් දෙවන දින මෙහෙයුම අරඹයි

(14-10-2018 08:15)

අකුරැස්ස මහා විද්‍යලායේදී පැවැත්වෙන නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් වැඩසටහනේ 32 වැන්නෙහි දෙදින නේවාසික කඳවුරේ අද (14) දෙවන දිනයයි.

ඊයේ (13) දිනය නිමාවට පත්වුණේ දරු දැරියන් සඳහා නැවුම් අත්දැකීමක් එක්කරමින් පැවැති ගිනිමැළ සංදර්ශනයෙන් අනතුරුවයි.

මෙවැනි නායකත්ව පුහුණු වැඩමුළුවක් තම ප‍්‍රදේශයට ගෙන ඒම සම්බන්ධයෙන් අකුරැස්ස ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු උෂාන්ත ඉන්දික අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙය පාසලේ දරු දැරියන්ගේ ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ආදී සියලු පාර්ශ්වයන්ගේ සක්‍රීය දායකත්වය ලැබෙන සාර්ථක වැඩසටහනක් බවයි. 

මීට සමගාමීව විද්‍යාලය තුළ රන් කැකුළු සංසදයක් පිහිටුවීමට කටයුතු කළ බවත් ළමයින්ගේ අනාගත නායකත්වය ගොඩනගන්නට සැම විටම ලංකා බැංකුව කටයුතු කරන බවත් සඳහන් කළා.

මේ සඳහා එක්ව සිටින සියයකට ආසන්න දරු දැරියන් කණ්ඩායම සඳහා අද දිනයේද විවිධ කි‍්‍රයාකාරකම් සහ දේශන පැවැත්වීමට නියමිතයි.  

--------------------------------

ජනිත් දිමන්තට යූ ආර් අ ලීඩර්  සම්මානය පිරිනැමේ (UPDATE)

(13-10-2018 07:23)

 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් වැඩසටහනේ 32 වැන්නෙහි දෙදින නේවාසික කඳවුර අද (13) අලූයම ආරම්භ වුණා. ඒ සඳහා දරු දැරියන් සියයකට ආසන්න කණ්ඩායමක් සහභාගී වී සිටිනවා. අද ආරම්භ වූ දෙදින නේවාසික කඳවුරේදී නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ පෞරුෂ සංවර්ධනය යන විෂයන් යටතේ විවිධ කි‍්‍රයාකාරකම් සිදු කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන යටතේ නිවැරදි ඉලක්ක තෝරා ගැනීම සඳහා වන දේශනයක්ද, සන්නිවේදන කුසලතා පිළිබඳ පුහුණු සැසියක්ද දරු දැරියන් වෙනුවෙන් ඊයේ පැවැත්වුණා. ගුරුවරුන් සඳහා ද පුහුණු සැසියක් පැවැත්වුනු අතර තවත් පුහුණු සැසියක් පැවැත්වුණේ මව්පියන් වෙනුවෙන්.

ලංකා බැංකුවේ රන් කැකුළු සංසදයක් අකුරැුස්ස මහා විද්‍යලායේදී ස්ථාපිත කිරීමද ඊයේ සිදු කෙරුණා. එම අවස්ථාවට ලංකා බැංකුවේ දකුණු පළාත් මෙහෙයුම් කළමනාකාර සමන් වික‍්‍රමසිංහද සහභාගී වුණා.
 


නායකත්ව කුසලතා විද්‍යාමාන කරන පුද්ගලයින් ඇගයීමද යූ ආර් අ ලීඩර් වැඩසටහනේදී සිදු වනවා. ඒ අනුව ඉකුත් දා අතරමග නතර වූ යාල් දේවී දුම්රිය යළි පණ ගැන්වූ ජනිත් දිමන්තට යූ ආර් අ ලීඩර් සම්මානය පිරිනැමීම ද ඊයේ සිදුවුණා.


දකුණු සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ද මෙම අවස්ථාවට එක්වුණා.

-----------------------------------------

යූ ආර් අ ලීඩර්  අකුරැස්සේදී ඇරඹෙයි

12-10-2018 19:30

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 32 වැන්න මේවනවිට ද අකුරැුස්ස මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා. පාසලේ ගුරුවරුන් සදහා වන විශේෂ දේශණයක් ද එහිදී පැවැත්වුණා. මේ ඊට එක්වූ ගුරුවරුන් කිහිපදෙනෙක්.

පාසලේ සිසු දරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිත ආදරය නම් වූ රසවින්දනාත්මක වැඩසටහන මේ වනවිට පැවැත්වෙනවා.
 

....................................................................................

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යුආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 32 වැන්න අද ආරම්භ වනවා. ඒ, අකුරැස්ස මහා විද්‍යාලයේදීයි. දරු දැරියන් සඳහා මෙන්ම ගුරුවරුන් හා මව්පියන් සදහා වන පුහුණු සැසිද යූ ආර් අ ලීඩර් වැඩසටහනට ඇතුළත්.

ජිවිතයට නිවැරදි ඉලක්ක තෝරා ගැනීම සහ ඒවා ජය ගැනීම පිළිබද සැසියක් දරුදැරියන් වෙනුවෙන් අද පැවැත්වෙනවා. ගුරුවරුන් සදහා වන පුහුණු සැසියක්ද අද පැවැත්වීමට නියමිතයි. මව්පියන් සඳහා වන පුහුණු සැසියක් පස්වරු 2 ට ආරම්භ වනවා. අකුරැස්ස මහා විද්‍යාලීය දරු දැරියන්ගේ මෙන්ම වෙනත්  ඕනෑම මවකට හෝ පියෙකුටද ඊට සහභාගි විය හැකියි. 

අද ආරම්භ වන යූ ආර් අ ලීඩර් වැඩසටහන ලබන සදුදා දක්වා පැවැත්වෙනවා.