Monday, October 22, 2018
Hotline - 0770586666

ශ්‍රී ලනිප 08ක් එජාපයට

හේමන්ත කහවලගේ/ කසුන් කැළුම්/ විරාජ් ප්‍රනාන්දු

6785Views




භාරකාර ආණ්ඩුවක් පිහිටුවුවහොත් දැනට ජාතික ආණ්ඩුව සමග එක්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 08දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානමින් ඇතැයි වාර්තා වනවා.

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේදිනවල පක්ෂ විපක්ෂ විවිධ අදහස් පළ වනවා.


මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ (11) පස්වරුවේ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී රැස්වුණා. ඊයේ රාති‍්‍රය තෙක්ම මෙම සාකච්ඡාව පැවති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී බී රත්නායක මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණී ලොකුගේද මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත  අදහස් පළ කළා.

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගතයුත්තේ වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර වාසුදේව නානායක්කාර මෙහිදී පැවසුවේ.

මේ අතර රට පත්ව ඇති අර්බුදයෙන් මුදා ගැනීමට නම් සිදුකළ යුත්තේ කුමන අයුරකින් හෝ නව ආණ්ඩුවක් පිහිටුවීම බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩිලාන් පෙරේරා හාලිඇල ප‍්‍රදේශයේදී ඊයේ ප‍්‍රකාශ කළේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදි අද රැස්වීමට නියමිතව තිබෙනවා.