Tuesday, April 23, 2024

General line - 0115112241

5000 හොර නෝට්ටු තොගයක් අල්ලයි




ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වඩුක්කෝට්ටේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වඩුක්කෝට්ටේ පොලීසියේ නිලධාරීන් ක්‍ෂණික මාර්ග බාධක යොදා සිදුකළ පරීක්‍ෂාවකදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනු බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් සතුව තිබී රුපියල් පන් දහසසේ ව්‍යාජ නෝට්ටු 21 ක් සහ ව්‍යාජ දහසේ නෝට්ටුවක් සොයාගෙන තිබෙනවා. මෙම නෝට්ටු මුද්‍රණය සදහා යොදාගත් ලැප්ටොප් පරිගණකයද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය සහ පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශවල පදිංචි 31 සහ 35 හැවිරිදි පදිංචිකරුවන් දෙදෙනෙක්.