Tuesday, April 23, 2024

General line - 0115112241

 ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්තානු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි




 ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්තානය අතර ඩුබායිහි පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

පකිස්තානු කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 482 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 202 ක් පමණයි. කඩුළු 6 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියදී පකිස්තානය සිය දෙවන ඉනිම අත්හිටුවීමට තිරණය කළා. ඒ අනුව  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ජයග‍්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 462 ක්. එම ඉලක්කය හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම 5 වන දිනය නිමා වනවිට කඩුළු 8 ක් දැවී ලකුණු 362 ක් ලබා සිටියා.

දෙරට අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය අබුඩාබිහිදී ලබන 16 වනදා ආරම්භවීමට නියමිතයි.