Thursday, April 25, 2024

General line - 0115112241

කෝප් කමිටුව ඇමති රාජිත අගයයි




මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප‍්‍රතිපත්තියට අනුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කිරිම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පැසසුමට ලක්ව තිබෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිලධාරීන් ඊයේ (11) කෝප් කමිටුව හමුවට කැදවා තිබුණා.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති  සහ නලීන් ද ජයතිස්ස, හර්ෂණ රාජකරුණා සහ හර්ෂ ද සිල්වා යන කෝප් කමිටු සාමාජිකයින් ද එම අවස්ථාවට එක්ව සිටියා. එහිදී ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ ඖෂධ ආනයනය කිරිම සඳහා විදේශීය රටවලට ඇදී යන විනිමය ඉතිරිකර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් මෙම ක‍්‍රියාමාර්ගය අගය කරන බවයි. ඒ සඳහා කෝප් කමිටුවේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් පියවර ද කෝප් කමිටු සාමාජිකයින් ඇගයීමට ලක් වුණා.