Saturday, April 20, 2024

General line - 0115112241

සුගතදාස ධාවන පථය යළි අර්බුදයක

කසුන් කැළුම්




සුගතදාස කී‍්‍රඩාංගණයේ නව ධාවන පථය සම්බන්ධයෙන් යළිත් ගැටලූ කිහිපයක් උද්ගත වී තිබෙනවා. එම ධාවන පථයේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් වගකීම තාක්ෂණ කමිටුව හා උපදේශන ආයතනය මෙතෙක් භාර ගෙන නොමැති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ. නව ධාවන පථයේ ඇතැම් ස්ථානවලින් ජල බුබුලූ මතුවිය හැකි බව එහි සේවකයන් විසින් සුගතදාස කී‍්‍රඩා සංකීර්ණ අධිකාරියේ හිටපු සභාපති තිලක්ද සිල්වා වෙත මේ පිළිබද දැනුවත් කර තිබූ අතර ඔහු එ් පිළිබද සොයා බැලීමක්ද සිදු කර තිබුණා.

කෙසේ වෙතත් යළි සුගතදාස කී‍්‍රඩා සංකීර්ණ අධිකාරියට නව සභාපතිවරයෙකු පත් කිරීමත් සමග එම පරීක්ෂණ යට ගිය බවයි සුගතදාස කි‍්‍රඩාංගණයේ සේවකයින් පවසන්නේ. මේ පවතින අර්බුධකාරී තත්වය පිළීබද පැහැදිලි කරන සුගතදාස කී‍්‍රඩා සංකීර්ණ පොදු සේවක සංගමයේ  ප‍්‍රධාන ලේකම් එන් ජී කරුණාතිලක නෙත් නිව්ස් වෙත අදහස් දැක්වූවා.

සුගතදාස කී‍්‍රඩා සංකීර්ණ අධිකාරියේ හිටපු සභාපති ඉවත් කර නව සභාපතිවරයෙකු පත් කර ඇත්තේ අදාළ කොන්ත‍්‍රාත්තුවේ කොමිස් මුදල් ලබා ගැනීමට බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 



කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුුස්ුතාෆා ඒ පිළිබඳ අවධානය යොමු කර සුගතදාස කි‍්‍රඩාංගනයේ ධාවන පථය සම්බන්ධයෙන් මතුව ඇති මෙම ගැටලූකාරී තත්ත්වය විසඳීමට පියවර ගනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.