Saturday, April 20, 2024

General line - 0115112241

"ත්‍රී රෝද රථ ගාස්තු" ව්‍යාකූල වෙයි

පසන් වික්‍රමතිලක




පෙට‍්‍රල් ලීටරයක මිළ රුපියල් 160 ඉක්මවුවහොත් ති‍්‍රරෝද රථ ප‍්‍රවාහන ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් තවත් තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සංගමයක් කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් කියාසිටියේ ඊයේ (11) මධ්‍යම රාති‍්‍රයේ සිට ති‍්‍රරෝද රථ ප‍්‍රවාහන ගාස්තු ඉහළ නංවන බවයි.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමස්ත ලංකා තී‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියාසිටියේ එවැනි තීරණයකට සිය සංගමය එළඹ නොමැති බවයි.

කෙසේවෙතත් ඉහළ ගිය ඉන්ධන මිළ ගණන් සැලකිල්ලට ගෙන ති‍්‍රරෝද රථ රියදුරන්ට සිය ගමන්වාර සඳහා සාධාරණ මුදලක් අයකර ගන්නා ලෙස දැනුම් දුන් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.

පළමු කිලෝමීටරයට මේ වනවිට අය කෙරෙන්නේ රුපියල් 60 ක තී‍්‍රරෝද රථ ගාස්තුවක්. කෙසේවෙතත් දැනට පවතින ගාස්තු ඉහළ දැමුවද එම මුදලට වඩා අඩු මුදලක් අයකර ගැනීමට තමන් සූදානම් බවයි ජාතික ඒකාබද්ධ තී‍්‍රරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල් රෝහණ පෙරේරාෙ පැවසුවේ. 

මිළ සූත‍්‍රයට අනුව ඉකුත් 10 වනදා ඉහළ ගිය ඉන්ධන මිළ ගණන් අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිළ රුපියල් 155 ක්. ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් දැන් අළෙවි කරන්නේ රුපියල් 169 කටයි.