Tuesday, April 16, 2024

General line - 0115112241

136දෙනෙකු රැගත් ඉන්දීය ගුවන් යානයක් අනතුරක

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පුද්ගලයින් 136 දෙනෙකු රැගෙන ඉන්දියාවේ ටි‍්‍රචී ගුවන් තොටුපළේ සිට ඩුබායි බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා. එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයිං වර්ගයේ මෙම යානය ගුවන් තොටුපළෙන් පියාසැරිය ආරම්භ කිරීමත් සමග එහි පිහිටි තාප්පයක ගැටී තිබුණා.

අනතුරත් සමග මුම්බායි ගුවන් තොටුපළ වෙත යානය සාර්ථකව ගොඩබැස්සවීමටයි ගුවන් නියමුවා කටයුතු කර තිබුණේ. අනතුරෙන් ගුවන් යානයට හානි සිදුව තිබෙනවා. එහෙත් කිසිඳු මගියෙකුට අනතුරක් සිදුව නැහැ.