Saturday, April 20, 2024

General line - 0115112241

සීනි සදහා පාලන මිලක්

දිනුක් හේවාවිතාරණ




අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සදහා පාලන මිලක පැනවීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකක් මගින් සදහන් කර ඇත්තේ වෙළෙන්දන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක් විකිණිය යුතු උපරීම සිල්ලර මිල රු. 100 ක් ලෙස සටහන් කර ඇත. ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක් විකිණිය හැකි උපරිම මිල රු. 105 ක් බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කරන්නේ.

එසේම සීනි ආනයනකරුවන් සුදු සීනි කිලෝවක් වෙළදාම කළ යුතු උපරිම මිල රු. 92ක් බවයි ගැසට් නිවේදනයේ සදහන්ව ඇත.