Friday, March 29, 2024

General line - 0115112241

කිලෝ 33ක් බර ගිනස් පොතට යන ලොව විශාලතම පිළිකා ගෙඩිය

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින කාන්තාවකගේ සිරුරේ තිබී ලොව මෙතෙක් හමුවූ විශාලතම ඩිමිබ කෝෂ පිළිකා ගෙඩිය ඉවත් කිරීමට එරට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

වෛද්‍යවරුන් සදහන් කරන්නේ 37 හැවිරිදි මෙම කාන්තාවගේ සිරුරේ ඩිම්බ කෝෂ වල හටගෙන තිබු පිළිකා ගෙඩිය කිලෝග්‍රෑම් 33.5 ක බරකින් යුක්තවූ බවයි.

කොයිම්බුතුර් රෝහලට පැමිණි මෙම කාන්තාව ශල්‍යකර්මයට භාජනය වීමට පෙර බර කිලෝග්‍රෑම් 75ක් ව තිබු බවත් ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසු ඇයගේ බර කිලෝග්‍රෑම් 42ක් බව වෛද්‍යවරුන් පවසනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම කාන්තාවගේ සිරුරේ තිබු පිළිකාව මුල් අදියරේදී හදුනා ගැනීමට හැකිවූ බවත් එය සිරුර පුරා ව්‍යාප්ත්වි නොතිබීම හරහා ඇයට ජිවිත අවධානමක් නොමැති බවයි.

මෙම කාන්තාවගේ සිරුරෙන් ඉවත් කළ ඩිම්බ කෝෂ පිළිකා ගෙඩියේ විශාලත්වය හේතුවෙන් එය ගිනස් වාර්තාවට ඇතුලත් කිරීම සදහා වෛද්‍යවරුන් අදාළ වෛද්‍ය වාර්තා ගිනස් කමිටුව වෙත යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.