Friday, March 29, 2024

General line - 0115112241

මගී ගුවන් ඉතිහාසයේ අලුත්ම පිම්ම සාර්ථකව අවසන් කරයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව දීර්ඝතම ගුවන් ගමන අද (12) සාර්ථකව අවසන් වුණා. එයට එක්වුණේ සිංගප්පූරුවට අයත් වාණිජ ගුවන් යානයක්. නැවතුම් රහිත මෙම ගුවන් ගමන සිංගප්පූරුවෙන් ඊයේ (11) ආරම්භ වුණා. 

එස් කියු 22 දරණ එම ගුවන් යානය අද සාර්ථකව අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොඩ බස්වා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ, කිලෝ මීටර් 15,000ක දුරක් පැය 17 යි මිනිත්තු 52 ක ගුවන් කාලයකින් සාර්ථකව පියාසර කිරීමෙන් අනතුරුවයි. මෙම වාර්තා ගත ගුවන් ගමන සඳහා මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු එක්ව සිටියා.