Wednesday, April 24, 2024

General line - 0115112241

පාසල් සිසුවෙකු ඝාතනය කළ අයෙකුට වසර 22කට පසු මරණ දඬුවම

ටෝනි කරුණානායක - ගම්පහ




අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට වසර 22 කට පසු අද (12) මරණ දඬුවම හිමිවුණා. ඒ, ගම්පහ මහාධිකරණයේදී අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

1996 වසරේ ජූලි මස 31වනදා හෝ ඊට ආසන්න දිනක නිට්ටඹුව ප‍්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බවටයි අධිකරණයේදී හෙලිවුණේ. මෙලෙස මරණ දඬුවම හිමිවුණේ 59 හැවිරිදි පස් දරු පියෙකුටයි.