Thursday, March 28, 2024

General line - 0115112241

පළමු තරඟයෙන්ම ලක්ෂාන් වාර්තා පොතට




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ඔස්ටේ‍්‍රලියානු පළමු ඉනිම ලකුණු 203 කට සීමා වුණා.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් ඇඩම් වෝග්ස් ලකුණු 47 ක් රැස්කළා. පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 49 කට කඩුලු 4 ක් හා ලක්ෂාන් සඳකැන් ලකුණු 58 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වුණා.

ලක්ෂාන් සඳකැන් අද වාර්තා පොත් අතරට එක් වුණේ වමත් පා දඟ පන්දු යවන්නෙකු (චයිනමන්) සිය මංගල ටෙස්ට් තරඟයේදී සහ ඉනිමකදී කඩුලු 04 ක් දවා ගත් පළමු ක්‍රීඩකයා ලෙසයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කළේ ලකුණු 117 ක් පමණයි. ඒ අනුව දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 6 ක් රැස්කර සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරුණා.

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.

248261

Sri Lanka's Lakshan Sandakan celebrates after dismissing Australia's Nathan Lyon during the second day of the opening Test match between Sri Lanka and Australia at the Pallekele International Cricket Stadium in Pallekele on July 27, 2016. / AFP / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)