Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලකුණු 279ක ඉලක්කයක්




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරග පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 278ක් ලබා ගත්තා.

එංගලන්ත කණ්ඩායම ලකුණු රැස් කිරීමට පෙර ආරම්භක පිතිකරු ජේසන් රෝයි දැවී ගියේ ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේයි. මුළු ලකුණු සංඛ්‍යාව 72ක් ලෙස සටහන්ව තිබියදී දෙවන කඩුල්ල ලෙස ජොනී බැරිසේටෝව් ලකුණු 26කට දැවී ගියා. ඒ තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේයි. තුන්වන කඩුල්ල ලෙස ජෝටි රූට් ලකුණු 71ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දු යැවීමක් හමුවේ දැවී ගියා. නායක ඉයන් මෝගන් 92ක් ලබා ගත්තා.