Friday, April 26, 2024

General line - 0115112241

සෞඛ්‍ය සේවයේ දියුණුවට ඇති තරම් අරමුදල් තියෙනවා




මෙරට සෞඛ්‍ය ක්ත්‍ෂ්ත‍්‍රයේ දියුණුව වෙනුවනේ යෙදවීමට අවශ්‍ය තරම් අරමුදල් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමේ අරමුණින් රත්මලාන කඳවල ප‍්‍රදේශයේ ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජපන් යෙන් මිලියන 1240ක ජයිකා ආධාර යටතේ ඉදිකෙරුණු නව කර්මාන්ත ශාලාව විවෘත කිරීම සිදු කෙරුණේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරාත්න වත්මන් රජය සෞඛ්‍ය සේවය හරහා මහජනතාවට ලබා දී ප‍්‍රතිලාභ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.