Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ නායයෑම් හේතුවෙන් 21 දෙනෙක් ජිවිතක්ෂයට

දිනුක් හේවාවිතාරණ




ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතට ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සිදුවූ නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

දකුණු සුමාත්‍රාවේ ගඟක ජල මට්ටම ඉහල ගොස් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පාසලක පන්ති කාමරයක බිත්තියක් කඩා වැටීමෙන් එහි සිටි ළමුන් 10 දෙනෙකු මියගොස් ඇත. එම පාසලේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු පමණ සුන්බුන් සහ මඩ වලට යටවී අතුරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් උතුරු සහ දකුණු සුමාත්‍රා දුපතේ නිවාස 500 ක් පමණ හානියට ලක්ව ඇත.

ඉන්දුනීසියාවේ ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ හානියට පත්ව ඇති ප්‍රදේශ රැසක් කදු සහිත ප්‍රදේශ වල පිහිටා ඇති නිසා සහන සේවකයින්ට එම ස්ථාන කරා ලඟා වීමේ බාධා මතුව ඇති බවයි.