Friday, March 29, 2024

General line - 0115112241

ආසියානු සත් සාමාජිත රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව පැවැති තරග දෙකම ජය ගනී - තවත් තරගයක් අද

කසුන් කැළුම්




ආසියානු සත් සාමාජිත රග්බි තරගාවලියේ තුන්වන අදියරේ අවසන් වටයේ තරග කොළඹ තුරග තරග පිටියේදී අද (14) පැවැත්වෙනවා. ශී‍්‍ර ලංකා පිරිමි රග්බි කණ්ඩායම ඊයේ (13) පැවැති මූලික වටයේ තරග දෙකම ජය ගැනීමට සමත්වුණා.

පළමු තරගයේදී ශී‍්‍ර ලංකාව හමුවේ ලකුණු 19 ට 12ක් ලෙස පරාජය වූයේ චීනයයි. 

චීන තායිපේ කණ්ඩායම සමග පැවැති දෙවන තරගය  ලකුණු 43 ට 0 ක් ලෙස ශී‍්‍ර ලංකාව පහසුවෙන් ජය ගත්තා. ශී‍්‍ර ලංකා පිරිමි රග්බි කණ්ඩායම මූලික වටයේ සහභාගී වන තුන්වන සහ අවසන් තරගය හොංකොං කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙනවා. එම තරගය කොළඹ තුරග තරග පිටියේදී අද ආරම්භ වන්නේ පස්වරු 12.10 ට පමණයි.