Thursday, April 25, 2024

General line - 0115112241

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අනුශූරයන් වෙයි

කසුන් කැළුම්




ඉන්දියාවේ පැවැති දෘෂ්‍යාබාධිත තුන්කොන් පන්දු වාර 20 කි‍්‍රකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වුණා.

ගෝවා හි පැවැති අවසන් මහා තරගය කඩුළු 10කින් ජය ගත් ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම සියලූ දෙනා දැවී රැස්කළේ ලකුණු 119ක් පමණයි. ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත පිළ වෙනුවෙන් නායක පි‍්‍රයන්ත කුමාර නොදැවි ලකුණු 30ක් රැස් කළා.

ලකුණු 120ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායම කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසුකර ගියා. මෙම තුන්කොන් දෘෂ්‍යාබාධිත තරගාවලිය පැවැත්වුණේ ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ එංගලන්තය අතරයි.