Wednesday, April 24, 2024

General line - 0115112241

ආසියානු පැරා කි‍්‍රඩා උළෙල ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව දිනූ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව මෙවර දිනා ගනී (PHOTOS)

කසුන් කැළුම්




තුන්වන ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේ රටවල් 42ක් අතරින් පදක්කම් සටහනේ 14වන ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වුණා.

ආසියානු පැරා කී‍්‍රඩා උළෙල ඊයේ (13) නිමාවට පත්වුණේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදීයි. සමස්ථ ශුරතාව දිනා ගත්තේ රන් පදක්කම් 172ක් දිනූ චීනයයි.

ශී‍්‍ර ලංකාව මෙවර ආසියානු පැරා කී‍්‍රඩා උලෙලේදී දිනා ගත් පදක්කම් සංඛ්‍යාව 14ක්. ඊට රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 04ක්ද ඇතුළත්. 

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අමිල ප‍්‍රසන්න කෙටි දුර ධාවන ඉසව්වලින් රන් පදක්කම් 02ක් දිනා ගැනීමට සමත්වුණා. 

ශී‍්‍ර ලංකා පැරා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් ප‍්‍රියන්ත හෙල්ල විසි කිරිමේ ඉසව්වෙන් ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක් දිනා දුන්නා. පිරිමි දුර පැනීමේ ඉසව්වට එක්වූ නිර්මල බුද්ධික ද රන් පදක්කමක් දිනා ගත්තා. ආසියානු පැරා කි‍්‍රඩා උළෙල ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව දිනූ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවද මෙයයි. සිව්වන ආසියානු පැරා කී‍්‍රඩා උළෙල 2022 වර්ෂයේ චීනයේදී පැවැත්වීමට නියමිතයි.