Wednesday, April 24, 2024

General line - 0115112241

"මයිකල්" නිසා අතුරුදහන්වූ පුද්ගලයින් 1250 ක් සොයා විශේෂ මෙහෙයුමක් (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඉකුත්දා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ "මයිකල් සුළි කුණාටුව" හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සහන සේවා ඒජන්සිය නිවේදනය කරනවා.

මේ අතර තවත් පුද්ගලයින් 1250 දෙනෙක් පිළිබඳව මේ දක්වා කිසිදු හෝඩුවාවක් නොමැති බවත් එම පිරිස මියගොස් ඇත්ද? එසේත් නැත්නම් සුන්බුන් අතර සිරවී ඇත්ද යන්න සොයා සහන කණ්ඩායම් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පැයට සැතපුම් 155 ක වේගයෙන් හඹා ආ මයිකල් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා, ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රදේශයන්ට දැඩි හානි සිදුව තිබෙනවා.

සුළි කුණාටුවත් සමග අඩි 7 ක් පමණ උසින් මුහුදු රළ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළ තිරයෙන් රට තුලට කඩා වැදුණු අතර ඒ හේතුවෙන් සිදුව ඇති දේපළ හානිය අති විශාල බවයි  අමෙරිකානු බළධාරීන් සදහන් කරන්නේ.

මේ වන විට ලක්ෂ 13ක් පමණ වන ජනතාවට විදුලි සැපයුම ඇණ හිට ඇති අතර විපතට පත් පෙදෙස් වල පදිංචිකරුවන් සිය නිවාස හා ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කිරීමේ වැඩවල මේ වන විට නිරත වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.