Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාව අඛණ්ඩව සිය රටේදී 10 වන ටෙස්ට් ජයත් වාර්තා කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දියාව අඛණ්ඩව සිය රටේදී ලැබූ දස වන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලි ජය වාර්තා කිරීමට අද (14) සමත් වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය ද ජය ගනිමින්. 

මෙම තරගය ද අවසන් වූයේ දින 03ක් තුළ වීම විශේෂත්වයක්. කෙදෙව්වන් සිය පළමු ඉණිමට ලකුණු 311ක් රැස් කළ අතර දෙවන ඉණිමට රැස් කලේ ලකුණු 127ක් පමණයි. ඉන්දියාව පළමු ඉණිමට ලකුණු 367ක් රැස් කළ අතර ජයග‍්‍රහණයට ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 72ක්. එය කිසිවෙකු නොදැවී පසුකර යාමට ඉන්දියාව සමත් වුණා. 

තරගයේදී උමේෂ් යාදෙව් කඩුලූ 10ක් බිඳහෙලූවා. ඉන්දීය ඉතිහාසයේ සිය රටේ ටෙස්ට් තරගයකදී කඩුලූ 10ක් බිඳ හෙලූ 03 වන වේගපන්දු යවන්නා ලෙස ඔහු අද ඉතිහාසයට එක්වුණා.