Saturday, April 20, 2024

General line - 0115112241

27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී මිය ගොස් ඇති බව පැනමා පොලිසිය සදහන් කරනවා.

පෘතුගීසි ජාතික කාන්තාවක් වන ඇය දෙදෙරු මවක් වන අතර වෘත්තිමය වශයෙන් ගුරුවරියක් බවයි පැනමා පොලිසිය සදහන් කරන්නේ. සිය මව් රටේ සිට මෙම කාන්තාව පැනමාවේ පාසලක සේවය කිරීමට පැමිණ ඇත්තේ පසුගිය සිකුරාදා බවයි හෙළිවී ඇත්තේ.

මෙම කාන්තාව ජිවත් වන තට්ටු නිවාස සංකීර්ණයේ 27 වන මහලේ පිහිටි බැල්කනියේ සිට සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කිරීමේදී සමබරතාවය බිඳ වැටීමෙන් ඇය පජතට ඇද වැටෙන අයුරු අසල ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙක් සිය දුරකථනය ආධායෙන් පටිගත කර තිබෙනවා.

2011 වසරේ සිට 2017 වසර දක්වා කාලයේදී සෙල්ෆි ජයාරූප ගැනීමට ගොස් පුද්ගලයින් 269 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාවේ සමීක්ෂණ ආයතනයක් ඉකුත් සතියේදී වාර්තා කළා. ඔවුන් සදහන් කලේ සෙල්ෆි ජයාරූප ගැනීම දැන් ප්‍රවනතාවයක් බවට පත්වී ඇති නිසා සෙල්ෆි ජයාරූප ගැනීමේ අනතුරුදායක කලාප හදුනාගෙන ඒවා පිලිබදව මහජනතාව දැනුවත් කිරීම් සිදුකල යුතු බවයි.