Thursday, March 28, 2024

General line - 0115112241

වැඩිවන ඉන්ධන මිල ගැන තීරණයක් ගැනීමට ඉන්දීය අගමැතිවරයා විශේෂ සාකච්ජාවක් අරඹයි

දිනුක් හේවාවිතාරණ




දිනෙන් දින ඉහළ යමින් පවතින ලෝක වෙළදපලේ ඉන්ධන මිල සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එරට ප්‍රධාන පෙලේ ඉන්ධන සමාගම්වල ප්‍රධානින් අද (15) දිනයේදී මුණගැසීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් පනවා තිබෙන සම්බාධක නොවැම්බර් 4 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බැවින් ඇතිවිය හැකි ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු අර්බුදයන් පිලිබදව ගත යුතු ක්‍රියා මාර්ග ගැන මෙහිදී ඉන්ධන ආනයනය කරන සමාගම් සමග සාකච්ජා කිරීමට ඉන්දීය අගමැතිවරයා බලාපොරොත්තුවන බව වාර්තා වෙයි.

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ ඊයේ (14) දිනයේ පෙට්ට්‍රල් ලීටරයක මිල දැක්වුයේ ඉන්දියානු රුපියල් 82.72ක් ලෙසයි. ඉකුත් සෙනසුරාදා (13) පෙට්ට්‍රල් ලීටරයක මිල වුයේ රු. 82.66ක් වශයෙන් බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

මිට අමතරව මුම්බායි හි පෙට්ට්‍රල් ලීටරයක් රු. 88.18, කල්කටා පෙට්ට්‍රල් ලීටරයක් රු. 84.54ක් සහ චෙන්නායි හි පෙට්ට්‍රල් ලීටරයක් රු. 85.99ක් ලෙස ඊයේ දිනයේ අලෙවි කෙරුණා. එක් එක් ප්‍රාන්තයන්හි ඉන්ධන සහ සේවා ගාස්තු මත පනවා තිබෙන බදු හේතුවෙන් මිලෙහි වෙනස් කම් සිදුවන බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ. ඉන්දියාවේ අවම බදු අය කරනුයේ නව දිල්ලියේ වීම නිසා අනෙක් ප්රාන්ත්යන්ට සාපේක්ෂව ඉන්ධන මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබෙනවා.

එංගලන්තයේ බ්‍රෙන්ට් බොර තෙල් ගැනුම්කරුවන් විසින් බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 85 ක අගයකින් විකිණීම නිසා ප්‍රවාහන වැඩකටයුතු සදහා යොදා ගන්නා ඉන්ධන වල මිල දෛනිකව ඉහළ යමින් පවතිනවා. 

මෙලෙස ඉන්ධන මිල ඉහළ යාම නිසා ජනතාවට සිදුවන අමතර දැරීම අවම කිරීමේ අරමුණින් එරට මුදල් ඇමති අරූන් ජෙට්ලී විසින් ඉන්ධන ලීටරයක් මත පනවා තිබු බද්දෙන් රුපියල් 1.50ක් කපා දැමු අතර, රජයේ ඉන්ධන සමාගම් සදහා නියෝග කලේ ඩිසල් සහ පෙට්ට්‍රල් ලීටරයක මිල වෙළදපලේ මිලට වඩා රුපියලකින් අඩු කරන ලෙසයි.

මේ වන විට ඉන්දියාවේ ඩිසල් මිලද ඉහළ ගොස් තිබෙනවා.