Thursday, April 25, 2024

General line - 0115112241

වසර තුනකට පසු වැටුප් වැඩිවීමක්

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට එහි පරිපාලන  බලධාරීන් තීරණය කර තිබෙනවා. වැටුප් වැඩිවීමට අදාළ ලිපි ප‍්‍රදානය කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ ප‍්‍රධානත්වයෙන් අද (15) පැවැත්වීමට නියමිතයි. 

කි‍්‍රකට් ආයතන සේවකයින්ගේ මෙලෙස වැටුප් වැඩිවීමක් සිදුවන්නේ වසර 3කට පසුවයි. කි‍්‍රකට් ආයතනයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැටුප් වැඩිවීමක් මීට පෙර සිදු වුණා. ඔවුන්ගේ වැටුප් මෙහිදී වැඩි වීමක් සිදු නොවන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන්  වෙත පැවසුවේ. 

ඉහළ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් සිදු කළද සාමාන්‍ය සේවකයින්ගේ වැටුප් වීමක් අවසන් වරට සිදු කර තිබුණේ ඉකුත් 2015 වසරේදීයි. කි‍්‍රකට් ආයතනයේ සාමාන්‍ය සේවකයින් මේ පිළිබද දැඩි කළකිරීමකින් සිට ඇති බවද මීට පෙර වාර්තා වුණා. මේ වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ  සේවය කරන මුලූ සේවක සේවිකාවන් සංඛ්‍යාව 140කට අධිකයි.