Thursday, March 28, 2024

General line - 0115112241

ක්‍රිස් ගේල් සහ ඩිල්ෂාන් මුණවීර එකතු වී පිටිය දෙවනත් කරයි (VIDEO)




සාජාහි පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ පෙරළිකාර තරගයක් ඊයේ (14) රාත‍්‍රියේ පැවැත්වුණා.

ඒ, බල්ක් ලෙජන්ඞ්ස් කණ්ඩායම සහ කාබුල් කණ්ඩායම අතරයි.

බල්ක් කණ්ඩායම නියෝජනය කළ සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් සහ ශ‍්‍රී ලංකාවේ ඩිල්ෂාන් මුණවීර වේගවත් පිතිහරඹයක නිරත වුණා. හයේ පහර 10ක් සමග ක‍්‍රිස් ගේල් ලකුණු 80ක් රැස් කළ අතර මුණවීර 06 පහර 03ක් සමග ලකුණු 46ක් රැස් කළා.

පිළිතුරු ඉණිමේදී කාබුල් කණ්ඩායමේ යොවුන් ක‍්‍රීඩක හස්රතුල්ලා සසායි පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තාව සම කරමින් පන්දු 12කදී ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා. සමස්ත තරගයේදී වාර්තා වූ මුලූ හයේ පහර සංඛ්‍යාව 37ක්. එය පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.