Friday, April 19, 2024

General line - 0115112241

මාධ්‍යවේදියා අතුරුදහන්වූ සවුදි තානාපති කාර්යාලය සෝදිසි කරන්න අවසර හිමිවෙයි

දිනුක් හේවාවිතාරණ




ඉස්තාන්බුල් හි පිහිටි සවුදි අරාබියේ තානාපති කාර්යාලය සෝදිසි කිරීම සදහා තුර්කි බලධාරීන්ට අවසර ලබා දීමට සවුදි අරාබි රජය අද (15) තීරණය කර තිබෙනවා. ඒ ඉකුත් මාධ්‍යවේදී ජමාල් කාගොසිගේ අතුරුදහන්වීමෙන් සති දෙකක් ඉක්මවීමෙන් අනතුරුවයි.

සවුදි අරාබි රජු සහ තුර්කි ජනාධිපතිවරයා අතර ඊයේ (14) දුරකථන සංවාදයක් ද පැවති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියා.

ඉකුත් ඔක්තෝම්බර් මස 02 වෙනිදා තුර්කියේ පිහිටි සවුදි අරාබි තානාපති කාර්යාලයට පැමිණි මාධ්‍යවේදී ජමාල් කගොසි ඉන් පසුව අභිරහස් ලෙස අතුරුදහන්වුවා.

මෙම සිදුවීම හේතුවෙන් සවුදි අරාබිය සහ බටහිර රටවල් අතර මතභේදයක් හට ගත් අතර තමන්ට එරෙහිව එල්ලවන ඕනෑම සම්බාධකයකට මුහුණ දීමට සුදානම් බව සවුදි අරාබිය ප්‍රකාශ කර සිටියා.

මෙවන් පසුබිමක් පවතින වටපිටාවක සති දෙකක කාලයක් ගත වීමෙන් අනතුරුව අතුරුදහන්වූ මාධ්‍යවේදියා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන තුර්කි බලධාරීන්ට වැඩි දුර විමර්ශන සිදුකිරීම සදහා සවුදි තානාපති කාර්යාලයට පිවිසීමට අවසර ලබා දීම ගැන ජාත්‍යන්තරයේ අවධානය නැවත වරක් සවුදිය වෙත යොමුවී තිබෙනවා.