Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ සවුදියට

දිනුක් හේවාවිතාරණ




මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන් වීම පසුපස "කෲර ඝාතකයන්" සිටිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඊයේ (15) අමෙරිකානු ජනාධිපතිවරයා සහ සවුදි අරාබියේ සල්මාන රජු අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර එහිදී සවුදි පාලකයා ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් ද අමෙරිකානු ජනාධිපතිවරයා කරුණු හෙළි කර සිටියා.

මෙහිදී සල්මාන් රජු මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන් වීම පිළිබදව තම රටේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට තරයේ ප්‍රකාශ කර සිටිය බවයි ජනපති ට්‍රම්ප් මෙහිදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියා.

මේ අතර අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හදිසියේ සවුදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

සවුදි අරාබි රජයේ අවසරය සහිතව මාධ්‍යවේදී ජමාල් කෂෝගී අවසන් වරට සිටිය බවට කියන තුර්කියේ පිහිටි සවුදි තානාපති කාර්යාලය සෝදිසි කර බැලීමේ වැඩකටයුතු මේ වන තුර්කි විමර්ශන නිලධාරින් විසින් ආරම්භ කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.