යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ කටාර් රාජ්‍යයට පැමිණි අවස්ථාවේ ශී‍්‍ර ලංකා තානාපති ඒ එස් පී ලියනගේ ඔවුන්ගේ ගමන් මළු රැගෙන යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ඉකුත් දිනවලදි දැඩි කතාබහට ලක්වුණා. කොළඹ අද (15) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඒ පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්ණ කළා. ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලසයි.
හෙට ඔබතුමා එන්න කටාර් වලට බෑග් දෙක තුනක් අරන්. මම එක බැග් එකක් ඇදගෙන යනවා. මම පිලිගන්නවා ඔවුන්ගේ ගමන් මලු මම අරගෙන ගියා කියලා. මම නිවාඩු පිට හිටියේ. මම ඇහුවා සර් ගෙන් යෝෂිත සහ රෝහිත මැතිතුමන්ලා කටාර් වලට එනවා මම යන්නද කියලා. මට කිව්වා යන්න කියලා. කටාර් වල හිටියේ අරාබියේ රග්බි ප්‍රබලයින්. ඔවුන් හිතුවේ ලංකාවෙන් එන මේ පොඩි අය පරද්දන්න පුළුවන් කියලා. නමුත් අපේ කණ්ඩායම එදා තරගය ජයග්‍රහණය කළා. අපිට දේශපාලනය වැදගත් නැහැ, කටාර් හි ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටියා.
කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පිහිටි පාසල සම්බන්ධයෙන් තමන්ට එල්ල කරන චෝදනා ද කටාර් රාජ්‍යයේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළා. තමන්ට එම චෝදනාව එල්ල කළ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණගෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
අපි එතුමාට එන්න කිව්වා ප්‍රසිද්ධ විවාදයකට එන්න කිව්වා. ආවේ නැහැ. අපි පාසල හොදට කරන්න යනවා. මේ දුෂිත දේශපාලකයා ගැන වගේම පාලකයෝ ගැන හොයන්න මම හෙට (16) අල්ලස් කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරනවා. තානාපතිවරයා හැටියට මටත්, මගේ බිරිදට සහ දියණියන් දෙදෙනාට එරෙහිව සිදුකළ අපහාස ගැන පෞද්ගලිකව ලක්ෂ දහදාහක් ඉල්ලලා නඩු දානවා. ඒ නියෝජ්‍ය ඇමතිවරයා ඒ කරපු චෝදනා ගැන ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. මම ජනාධිපතිතුමන්ගෙන්, අගමැතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තු වරප්‍රසාධ වලට මුවා වෙලා මේ විදිහට ජඩ වැඩ කරන අය තමන්ගේ කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ තබා ගන්න එපා කියලා ඉල්ලා සිටිනවා. මම හෙට තානාපතිකම නැතිවෙන්න පුළුවන්. නැත්නම් ඕනෙම මොහොතක තානාපතිකම අත්හැරලා යන්න සුදානම් අනෙක් සියළු තානාපතිවරුන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම පිණිස.