Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති හිටපු පොලිස්පතිවරයෙක් කැඳවා දීර්ඝ සාකච්ඡාවක

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු පොලිස්පතිවරයෙකු සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර මෙලෙස මෙම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මතුව ඇති විවේචන සහ අර්බුද පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් එම සාකච්ඡාවට එක්ව තිබෙනවා. දෙපාර්ශ්වය අතර පැය දෙකකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 41 E වගන්තියට අනුව එහි නව නිලධාරී මණ්ඩලය පත් කරන තෙක් වත්මන් නිලධාරී මණ්ඩලයට එහි කටයුතු සිදුකළ හැකියි. මේ වනවිට පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥ පී. එච්. මනතුංගයි. ජාතික පොලිස් කොමිසමට ගතවූ වසර තුනේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 900 කට ආසන්නයි. ඉන් පැමිණිලි 500 කට ආසන්න ප‍්‍රමාණයක් පොලිසියට එරෙහිව ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතරද සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා පවත්වා තිබෙනවා. ඒ, පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්.